― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරටේ බංකොලොත්භාවයට සියලු පක්ෂ වගකිව යුතුයි

රටේ බංකොලොත්භාවයට සියලු පක්ෂ වගකිව යුතුයි

රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට නිදහසින් පසු ගෙවුණු 74 වසර තුළ රට පාලනය කළ සියලු පක්ෂ වගකිව යුතු බවත් එම කාලයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රට පාලනය කළේ වසර කිහිපයක් පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (24) උදෑසන දළදා සමුඳුන් වැඳ පුදා ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ කියා සිටියේ පළාත් පාලන මැතිවරණය කල් නොයනු ඇතැයි විශ්වාස කර මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ බවයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව පළාත් පාලන ආයතන 252 ක් සඳහා තනිව තරඟ කරන බවත් තවත් කිහිපයකට වෙනත් පක්ෂ සමඟ සන්ධාන ගතව තරඟ කරන බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

පක්ෂ වලට අලුත් අය එකතු වෙන්නා සේම පක්ෂවල සිටින අය ඉවත්ව යෑම දේශපාලනයේ ස්වරූපය බවත් එවැනි අවස්ථාවල මතුවන අභියෝග ජයගැනීමට හැකියාව තිබිය යුතු බවයි බැසිල් රාජපක්ෂ පවසා සිටියේ.