31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණය තියන්න සල්ලි නෑ කියලා මම කිව්වේ නෑ - මුදල් අමාත්‍යංශ ලේකම්

මැතිවරණය තියන්න සල්ලි නෑ කියලා මම කිව්වේ නෑ – මුදල් අමාත්‍යංශ ලේකම්

තමන් පළාත් පාලන මැතිවරණයට මුදල් නොමැති බව ප්‍රකාශ කොට නැතැයි මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසා තිබේ.

ලේකම්වරයා මේ බව පවසා ඇත්තේ අද (24) පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුව හමුවේ අදහස් දක්වමිනි.

මුදල් සොයාගැනීම අපහසු වුවත් අවශ්‍ය නම් මැතිවරණයට මුදල් සොයාගත හැකි බවද සිරිවර්ධන මහතා මෙහිදී මූල්‍ය කමිටුවට දැනුම් දී තිබේ.

මේ බව අද දින එම කමිටු සභාපති හර්ෂ ද සිල්වා සිය ට්විටර් ගිණුමේ සටහන් කොට ඇත්තේ මෙපරිද්දෙනි.