22.8 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනැවත රට තුළ ගෑස් හා ඉන්ධන පෝළිම් ඇති වෙන්නේ නෑ

නැවත රට තුළ ගෑස් හා ඉන්ධන පෝළිම් ඇති වෙන්නේ නෑ

දැනට රටේ භාවිත කළ හැකි විදේශ සංචිත ඇත්තේ ඩොලර් මිලියන 400ක් පමණක් බවත් පසුගිය වසරේ මාර්තු, අප්‍රේල් මාසවල මෙන් මේ වනවිට රට තුළ ඉන්ධන සහ ගෑස් පෝලිම් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී මාධ්‍යවේදියෙක් අමාත්‍යවරයාගෙන් විමසා ඇත්තේ අනාගතයේදී ඉන්ධන සහ ගෑස් ආනයනය කිරීමට නොහැකි වන අතර ඒ නිසා නැවත ඒවා සඳහා දිගු පෝලිම් ඇති වෙයිද? යනුවෙනි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ භාවිත කළ හැකි විදේශ සංචිත ප්‍රමාණය අඩු වුවද එය වැඩි කිරීමට විවිධ උත්සාහයන් ගන්නා බවයි.

පවතින තත්ත්වය තුළ ඉන්ධන ඇතුළු විවිධ ආනයන සඳහා මූල්‍යමය බාධාවක් පැවතිය ද පෙර තිබූ අයහපත් තත්ත්වය යළි ඇති නොවන බවද ඔහු එහිදී සඳහන් කළේය.

#The Morning