32 C
Colombo
Monday, April 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවයේ ඉහළයාමක්

කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවයේ ඉහළයාමක්

කොවිඩ් රෝගීන් සඳහා ඔක්සිජන් අවශ්‍යතාව සුළු වශයෙන් ඉහළයාමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

එම තත්ත්වය සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑමක් නොවූව ද එය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා පියවර ගත යුතු බව ඔහු පෙන්වා දෙයි.

“මේ මොහොත වෙනවිට වාර්තා වෙලා තියෙනවා ඔක්සිජන් සැපයීමේ වැඩිවීමක් කියලා. මේකත් පත්තරවල වාර්තාවෙලා තියෙන්නේ, සියයට 5ක කියලා. මේ පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඉදිරියේ දී ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙනවා. නමුත් මේ සියයට 5ක වැඩිවීම කියන එක සුළුවෙන් තකන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇත්ත වශයෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශයට මේක අර්බුදකාරී තත්ත්වයකට යන්න තරම් වැඩිවීමක් නෙමෙයි. නමුත් සුළුවෙන් හෝ වැඩිවීම අපි හැමවෙලේම ඉතාමත් බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතුයි. මොකද ඔක්සිජන් හිඟයක් මතුවීම නෙමෙයි සිද්ධවෙන්නේ. මේ වැඩිවීමෙන් පිළිහිඹුවන්නේ මේ රටේ තව ඉදිරියේ දී වේගයෙන් වැඩිවීමක් වෙන්න ද කියන එක අපි දන්නේ නෑ.”

මේ අතර දීර්ඝ සති අන්තයේ විවිධ සංචාරවල හා පුද්ගලයින් වැඩි වශයෙන් එක් රැස්වන ස්ථානවල රැඳී සිටි පුද්ගලයින්ට උණ හෝ ශ්වසන රෝගී තත්ත්වයන් නිරීක්ෂණය වන්නේ, නම් කඩිනමින් පරීක්ෂණ සඳහා යොමුවීම වැදගත් බව ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

“විශාල පිරිසක් සතිඅන්තයේ සංචරණ කටයුතුවල යෙදිලා තියෙනවා. ජනතාව එක්රැස්වෙන ස්ථානවලට එක්රැස් වෙලා තියෙනවා. මේකෙන් පස්සේ අපි කැමති වුණත් අකමැති වුණත් අපිට බලාපොරොත්තු වෙන්න සිද්ධවෙන රෝගීන්ගේ වැඩිවීමක් ගැන අපි නිතර කතා කරනවා. මේක පාලනය කරගැනීම සඳහා එතැනින් තවදුරටත් වර්ධනය වීම අඩුකර ගැනීම සඳහා මේ නිවාඩුවෙන් පසුව ඉදිරි දින කිහිපය තුළ පවුලේ අයට සංචාරයේ යෙදෙන අයට හෝ සංචාරයේ නොයෙදුනත් පවුලේ ගෙවල්වල ඉන්න අය අතරේ, යම් යම් ආකාරයක ශ්වසන රෝග තත්ත්වයක් ඇති වුවහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගෙන කොවිඩ් රෝගයෙක් ද නැද්ද කියලා හඳුනාගැනීමට කටයුතු කිරීම වැදගත් වෙනවා. සුළුවෙන් හෝ උණ දීර්ඝ කාලයක් පවතී නම් කොවිඩ් නෙමෙයි දැන් ඩෙංගු රෝගයත් තියෙනවා එවැනි රෝගී තත්ත්වයන්ගෙන් වැළකීමට කටයුතු කිරීම ඉතා වැදගත්.”