මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් හෝ සාමාජිකාවක් ඉල්ලා අස්වීම හේතුවෙන් මැතිවරණ කොමිසමේ වැඩකටයුතු කිසිඳු ලෙසකින් අඩපණ නොවන බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
හෙතෙම මේ බව සඳහන් කර ඇත්තේ මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්. චාල්ස් ඊයේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.
එම උප්ටාගැනීම පහතින්,
“ඉල්ලා අස්වීම් නිසා මැකොස අඩපණ වේවිද? මෙයට පිළිතුර නැත යන්න බව හා කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට තිදෙනෙකු ඇති බව මෙයට පෙර පෝස්ටුවක සටහන් කළෙමි. නැවත නැවත බොහෝ දෙනකු විමසන මේ පැනයට පිළිතුරු ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ව්‍යවස්ථාව එහි කමෙන්ටුවක් ලෙසද පලකළෙමි.
එය නැවත පහත උපුටා දක්වමි.
104.(1). කොමිෂන් සභාවේ රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුත්තේය.
(2) (අ) කොමිෂන් සභාවේ සභාපතිවරයා කොමිෂන් සභාවේ රැස්වීම්වල මුලසුන දැරිය යුත්තේය. සභාපතිවරයා කොමිෂන් සභාවේ යම් රැස්වීමකට පැමිණ නොසිටියහොත් පැමිණ සිටින සාමාජිකයන් විසින් ඔවුන් අතුරෙන් තෝරා පත්කර ගන්නා සාමාජිකයකු විසින් ඒ රැස්වීමේ මුලසුන දැරිය යුත්තේය.
(ආ) කොමිෂන් සභාවේ තීරණ, ඒ ඒ තීරණ ගනු ලබන රැස්වීමට පැමිණ ඡන්දය දෙන්නා වූ සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් ගනු ලැබිය යුතු අතර, යම් හෙයකින් සම සමව ඡන්දය ලැබුණු අවස්ථාවකදී ඒ රැස්වීමේ සභාපතිවරයාට තීරක ඡන්දයක් තිබිය යුත්තේය.
(3) කොමිෂන් සභාවේ සාමාජිකත්වයේ යම් පුරප්පාඩුවක් තිබුණද, ඒ නොතකා ක්‍රියාකිරීමට කොමිෂන් සභාවට බලය ඇත්තේය. එවැනි පුරප්පාඩුවක් තිබූ පමණින්ම හෝ යම් සාමාජිකයකු පත්කිරීමෙහි ලා දෝෂයක් තිබූ පමණින් ම, කොමිෂන් සභාවේ යම් ක්‍රියාවක් හෝ කටයුත්තක් හෝ තීරණයක් නිර්බල නොවන්නේය. නිර්බල වන්නේයයි නොසැලකිය යුත්තේය.
පුංචි ඡන්දය කල් දාන්න ඇත්තේ ක්‍රම තුනයි
මේ අතර මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ඇත්තේ අවස්ථා තුනක් බවයි.
අධිකරණය හරහා සිදුවන වාරණයක්, අධිකරණයේ පිළිගැනීම මත ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගන්නා පනතක් සහ මැතිවරණ පනතේ ඇති බලතල අනුව මැතිවරණ කොමිසම විසින් ගන්නා ලද තීරණයක් අනුව ඡන්දය කල් දැමිය හැකි බව හෙතෙම කියා සිටියි. ඒ හැර ඡන්දය කල් දැමීමට අන් කිසිදු ක්‍රමයක් නැති බව ඔහු අවධාරණය කරයි.
