රටක්ම කැලඹූ ආන්දෝලනාත්මක පුවතක් ලෙස මේ වන විට ඉරාකයෙන් වාර්තා වන සිදුවීමක් ලෝක අවධානයට ලක්ව තිබේ.
වාර්තා අනුව, එරට මන්ත්රීවරියකගේ නිවසක සිදු කළ විශේෂ දූෂණ මර්දන මෙහෙයුමකදී අතිවිශාල මුදල් තොගයක් සහ රන් තොගයක් සොයාගෙන ඇති බව සඳහන් වේ. එරට මන්ත්රී නිවසකින් බිලියන ගණනක රන් කරවූ ය_ට ඇඳුම් සහ කෝටි ප්රකෝටි ගණනක සල්ලි මිටි හමුවූ පුවතක් මේ වන විට ලෝකයේම කතා මවන සිද්ධියක් බවට පත්ව අවසානයි.
ආරක්ෂක අංශ විසින් සිදු කළ එම සෝදිසි මෙහෙයුමේදී ඇමරිකානු ඩොලර් මිලියන 57කට අධික මුදලක් සහ කිලෝග්රෑම් 27ක් පමණ බර රන් තොගයක් සොයාගෙන ඇති බවද වාර්තා වේ. මෙලෙස දැඩි අවධානයට ලක්ව ඇත්තේ ඉරාක පාර්ලිමේන්තු මන්ත්රීවරියක වන හින්ද් අල්-අබ්බාසිගේ (Hind Al-Abbasi) නිවසයි.


