25.6 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩුබායි රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළාදකී

ඩුබායි රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළාදකී

සිවිල් වැසියන් කිහිප දෙනෙකුට මරු කැඳවමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකා රජය දැඩි ලෙස හෙළා දැක තිබේ.

එම ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගේ පවුල්වලට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනතාවට සහ රජයට ශ්‍රී ලංකාව සිය බලවත් ශෝකය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය පවසයි.

එම නිවේදනය මගින් ගෝලීය සාමයට සහ ආරක්ෂාවට හානි එල්ල වන ත්‍රස්තවාදී තර්ජනවලට එරෙහිව අඛණ්ඩව සුපරීක්ෂාකාරී වීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව යළි අවධාරණය කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනගරයේ ස්ථාන දෙකකට ඊයේ (17) ත්‍රස්ත ප්‍රහාර දෙකක් එල්ල විය. අබුඩාබි පොලීසිය පැවසුවේ එම ප්‍රහාර ඩ්‍රෝන යානා භාවිත කරමින් සිදුකර ඇති බවයි. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.