මාස දහයක් වයසැති බිළිඳියකට අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට එම බිළිඳියගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, කළේගාන, නාගරුක්කාරාම මාවතේ පදිංචි 38 හැවිරිදිවියේ පසුවන අයෙක් බවයි පොලීසිය පවසන්නේ. මොහු පින්තාරුකරුවකු ලෙස ජීවිකාව ගෙනියන අතර අධික ලෙස බීමත්ව පැමිණ බිළිඳිය නිවසේ පිටුපසට රැගෙන ගොස් අතවරයට ලක්කර ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙලෙස අතවරයට ලක් වූ බිළිඳියගේ මව මෙම සැකකාර පුද්ගලයා සමඟ දෙවැනි වරට විවාහ වී ඇති අතර ඇයට පළමු විවාහයේ අවුරුදු 18ක දරුවෙකුද සිටින බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මොහු මෙලෙස අතවරයට ලක්වූ මාස දහයක් වන බිළිදිගේ පියා වන අතර බීමතින් පැමිණ මොහු බිරිඳ සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇතිකර ගන්නා බවයි පොලිසිය පවසන්නේ.
අතවරයට ලක් වූ බිළිඳිය ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර අධිකරණ වෛද්‍ය පරික්ෂණයේදී තහවුරු වී ඇත්තේ බිළිඳිය අතවරයට ලක්ව ඇති බවයි.
සැකකාර පියා පොද්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුමාර ඇතුළු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.