― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalසුරතලා බේරගන්න ළිඳට බැස්ස තරුණයා ජීවිතක්ෂයට

සුරතලා බේරගන්න ළිඳට බැස්ස තරුණයා ජීවිතක්ෂයට

කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී ළිඳට වැටී දියේ ගිලීමෙන් තරුණයෙකු මිය ගොස් සිටියදී මළසිරුර ඊයේ (29) දින ගොඩගත් බවට කිලිනොච්චිය පොලීසිය පැවසුවා.

මිය ගිය තරුණයා නිවසේ සිටින අවස්ථාවේදී නිවසේ සුරතලයට ඇති කරන බලුපැටවා හදිසියේම ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටින අතරවාරයේදී ගෙවත්තේම පිහිටි ළිඳට වැටී තිබෙනවා.

ළිඳට වැටුනු සුරතල් බලුපැටවා බේරා ගැනීම සඳහා මෙම තරුණයා ලණුවක් ආධාරයෙන් ළිඳට බැස තිබෙන අතර එහිදී ලණුව කැඩී තරුණයා ළිඳට වැටී තිබෙනවා. දෙපය ළිදෙහි ඇති මඩෙහි සිරවීම හේතුවෙන් තරුණයාට දිය මතුපිටට පැමිණීමට නොහැකිව දියේ ගිලීමෙන් මෙම මරණය සිදුව ඇතැයි සැක පලකරන බවට කිලිනොච්චිය පොලීසිය පැවසුවා.

පසුව මියගිය තරුණයාගේ පියා ඇතුළු ප්‍රදේශවාසීන් තරුණයා ගොඩට ගැනීමට පියවර ගත්තද ඒ වන විටත් තරුණයා මිය ගොස් තිබුණු අතර ළිඳට වැටුනු බලුපැටවා බේරි තිබුනා.

මෙලෙස අවාසනාවන්ත ලෙසින් මියගිය තරුණයා 24 හැවිරිදි අයෙක් බවයි පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය පැවසුවේ.