31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදුම්රියෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

දුම්රියෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

දෙහිවල දුම්රිය ස්ථානය අසළදී ඊයේ (30) සවස දුම්රියකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මාතර සිට මහනුවර බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ ගමන්කළ පුද්ගලයෙක් මෙලෙස දුම්රියෙන් ඇද වැටී ඇති බවයි. අනතුරින් මියගිය පුද්ගලයා වයස අවුරුදු 30ක කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත්කර ඇති බවයි.