30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalළඟදීම හෙලිකොප්ටරේ මැදමුලනට කඩා වැටෙනවා

ළඟදීම හෙලිකොප්ටරේ මැදමුලනට කඩා වැටෙනවා

නිදහස ජනතා සන්ධානය හෙවත් හෙලිකොප්ටරය කොයි මොහොතක හෝ නෙළුම් මාවතට හෝ මැදමුලනට කඩා වැටෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සන්ධානාගත පක්ෂ සමග පැවැති විශේෂ රැස්වීමේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා කියා සිටියේ පක්ෂය හැර ගිය මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබා ගනිමින් සිටින බවයි.

ඒ අනුව ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගෙන පක්ෂයෙන් නෙරපන බවයි හෙතෙම අවධාරණය කළේ.