වැල්ලවත්ත මුහුදේ අද (19) උදෑසන කිඹුලෙක් දක්නට ලැබීමත් සමග යළි මුහුදේ කිඹුලන් සැරිසැරීම පිළිබදව කතාබහක් හටගෙන තිබේ.
දෙහිවල – දුම්රියපළ පිටුපස මුහුදේ විිසිතුරු මසුන් අල්ලමින් සිටි කිමිදුම්කරුවෙකු පසුගියදා කිඹුලෙකුගේ ප්රහාරයට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූ අතර අනතුරුව දෙහිවල, ගල්කිස්ස සහ ගාලුමුවදොර යන මුහුදු ප්රදේශයේ කිඹුලන් වරින් වර දක්නට ලැබිණි.