26 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalගමේ සිරිපාල අයියට පුළුවන් දේවල් කරන්න ගෝඨාභය රාජපක්ෂ ඕනෙ නෑ

ගමේ සිරිපාල අයියට පුළුවන් දේවල් කරන්න ගෝඨාභය රාජපක්ෂ ඕනෙ නෑ

පාර්ලිමේන්තුවේ සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකල කතාව නිසි අවබෝධයකින්තොරව කල සුරංගනා කතාවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 19 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපන ලේකම් පුබුදු ජයගොඩ

ඊයේ දවස පාර්ලිමේන්තුවේ සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් රාජාසන කතාවක් පැවැත්වූවා ජනාධිපතිවරයා මැදිහත් වෙලා. ඒ රාජාසන කතාව බරපතළ දේශපාලන හැඟවුම් ගණනාවක් ඉදිරිපත් කරනවා.

ගෙවුණු අවුරුදු 2ට වඩා ඉදිරි අවුරුදු තුන වෙනසක් වෙන එකක් නෑ. ජනාධිපතිවරයා ගේ කතාව ඇතුලේ ඉදිරි වැඩපිළිවෙළ කියලා කතා කරන්නේ එක පැත්තකින් සුරංගනා කතාවක්.

අපි පොඩි කාලේ කතා කියලා දෙන මාමලා හිටිය රූපවාහිනියෙ ගුවන්විදුලියේ ගෙවල් වල හිටියා සුරංග මාමා හඳමාමා ඇවිල්ලා අපිට කතා කියලා දුන්නා.  සුරංග මාමාව හරි හඳ මාමාව හරි ජනාධිපති කරාට පස්සේ ඇතිවෙන තත්ත්වයක් වගේ එකක් තමයි ඒ අපිට දැනුනේ.ජනාධිපතිවරයා ගේ කතාව යද්දි සමාජ මාධ්‍ය අන්තර්ජාලයෙ විවිධ අදහස් කමෙන්ට් විදිහට ඉදිරිපත් කරන අය මේකට උපහාසයෙන් හිනාවෙන එක තමයි කලේ.

ජාතිවාදය අවුලවන්න කොවිඩ්පා විච්චි කරන්න හැදුවා.
 මේකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාමාන්‍ය ව්‍යුහයන් ඔක්කොම අකර්මණ්‍ය  කරල මිලිටරි ය මැදිහත් කළා.
 සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තකින් තියලා හමුදාපතිවරයා ගේ මැදිහත් වීමෙන් කොවිඩ් මර්දනයක් පටන් ගත්තා.
 කෝවිඩ් රෝගීන්ට අදාළ පොලිස් මර්දනයක් දියත් වුණා. අන්තිමට සමාජයේ රෝගීන් පිළිබඳව අවඥා සහගතව බලන පිලිකුල් කරන තත්ත්වයක් හැදුවා.
 මේ ඔක්කොම කරලා දැන් අවසානයේදී ඇවිල්ලා කියද්දී අපි හොඳට කොවිඩ් බේරුවා කියලා එන්නත පවා ලෝකයේ අනිත් රටවල් වල ගහන කාලය වෙද්දී ගෙන්න ගත්ත නං අර මුට්ටි ගඟට දාන්න, දොස්තර පාදෙණිය ගේ කැද බිබී ඉන්නවා වෙනුවට ඒ කාලය වෙනකොට මේ එන්නත ගෙන්න ගත්ත නං මේ ජීවිත වලින් සැලකිය යුතු ප්‍රමාණයක් බේරගන්න තිබුණා.

ජනාධිපතිවරයා ඊයේ උජාරුවෙන් කියනවා මත්ද්‍රව්‍ය පාලනය වෙලා කියලා. මත්ද්‍රව්‍ය කොහෙවත් පාලනය වෙලා නෑ හැම හන්දියක ම මත්ද්‍රව්‍ය තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ මත්ද්‍රව්‍ය ගේනවා.
 මත්ද්‍රව්‍ය භාවිතය අඩුවක් වෙලා තියෙනවා නං වෙලා ඇත්තෙ කුඩු ගන්න සල්ලි නැතුව තමා.
 මේ දවස්වල ආර්ථිකය බිඳ වැටිලා නිසා ගෙවල් වලට හාල් ගන්නවත් සල්ලි නැති නිසා කුඩු ගන්න සල්ලි නැතිව මොකක් හරි පාලනයක් වුනා නම් මිසක වෙන කිසිම ආකාරයක පාලනයක් වෙලා නෑ.
 පාතාලය පාලනය කළා කියලා මොකක්ද කළේ  නඩුව අහන්නේ නැතිව වෙඩි හුවමාරුවකදී මියගියා කියලා වෙඩි තියලා දාන එකනේ කළේ.
 පොලිස් අත්අඩංගුවේ දී කී දෙනෙක් මිය ගියාද පාතාලයට වඩා බිහිසුණු ව්‍යුහයක් හදලා පාතාලය මර්දනය කර ලා වැඩක් නෑ.
 ඒක කරන්න ගමේ සිරිපාල අයියටත් පුළුවන්. ඒක කරන්න ගෝඨාභය රාජපක්ෂ ඕනෙ නෑ. පාතාලයට වඩා බිහිසුණු ව්‍යූහයක් හදලා වෙඩි තියලා දාන එක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. මෙතන දේශපාලන නායකත්වයක් ඕනේ වෙන්නේ මේවට අදාළ හේතු හොයාගෙන ඒවට අදාල පිළියම් යොදන්න.

ජනාධිපතිවරයා දැඩි ලෙස අවධාරණය කලා මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිද්ධ වෙලා නෑ. මේකට හේතුව දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ආ පු පීඩනය.
 රටේ ජනතාවගෙන් ලොකු පීඩනයක් එල්ල වුණා මර්දනය එපා කියලා. අනික් පැත්තෙන් ජාත්‍යන්තර වශයෙන් දැන් මේ විදේශ විනිමය අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා යුරෝපා සංගමය ඒ වගේ රටවල් වල  මානව හිමිකම් ආරක්ෂා කරන්න ඕනේ කියලා.
 ජනාධිපතිවරයා කියද්දී අතුරුදන් වූවන් සම්බන්ද යුක්තිය  ඉටු කරනවා කියලා අපිට හිනා යනවා. අපේ ලලිත් සහ කුහන් සහෝදරවරු දෙදෙනාව ඔවුන් අත්අඩංගුවට ගත්තා පැහැර ගත්තේ නෑ කියල කිව්වෙ රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා.
 එතකොට හිටපු කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල. ඔහුව ගෙනාවට පස්සේ අධිකරණයට ඔහු කිව්වා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අවබෝධය සහ ඔහු දුන්නු කරුණු මත  මේක කිව්වේ. ඊට පස්සේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ගෝඨාභය රාජපක්ෂ මහතාව කැඳෙව්වා අධිකරණයට සාක්ෂි දෙන්න කියලා.
 අතුරුදහන් වූවන් දෙදෙනෙක් සම්බන්ධ පැහැර ගත්තු අය දෙදෙනෙක් සම්බන්ධ සාක්ෂි දෙන්න උසාවියට එන්න කියලා තියෙද්දි දිගින් දිගටම උසාවිය මග ඇරලා මග ඇරලා විවිධ බොරු කියලා අවලාද කියලා අවසානයේදී තමන් ජනාධිපති වෙච්ච නිසා අධිකරණයට එන්න බෑ කියලා බේරිලා ගිය ජනාධිපති කෙනෙක් තමයි ඊයේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්නේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරනවා කියලා
 මේවා අපිට හිනා යන කරුණු විදිහට තමයි තියෙන්නේ.

ජනාධිපතිවරයා ගේ කතාව යද්දී මම දැක්කා කමෙන්ට් විදිහට දානවා මේ කතාව කරන්නේ කොයි රට ගැන ද කියලා
 ජනාධිපති වෙනුවට පොල් පිත්තක් තිබ්බත් සංවර්ධන කටයුතු වෙනවා. 

මම තමයි හරිත කුෂිකර්මය ගෙනාවේ කියලා ජනාධිපතිවරයා ඉතිහාස ගත  වෙන්න ගිහිල්ලා එයා ඉතිහාසගත වෙන එකට වන්දිය ගෙවන්න වෙලා තියෙනවා පරම්පරා ගානකට.
 මේක හරියට ඇලිස් දුටු විස්මලන්තය වගේ වෙලා.
 මේ හරියට විශ්මලන්තය ට ගිය ඇලිස්ගේ චූටි පුතා වගේ තමයි ලංකාවට දාලා ඉන්න ජනාධිපතිවරයා. රසායනික කෘෂිකර්මාන්තය වෙනසක් කරන්න ඕනේ. එක රැයින් පොහොර ගැසට් එකක් ගහලා කරන්න ගිය දේ අවසන් ප්‍රතිඵලය තමයි මේ ඇවිල්ලා තියෙන්නෙ.
 ඒකම කරන්න යනවා බලශක්තියට අදාළව. බලශක්තියට අදාළව ජනාධිපතිවරයා කියනවා 2030 වෙද්දි පුනර්ජනනීය බලශක්තිය සියයට හැත්තෑවක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා.
 ප්‍රශ්නෙ තියෙන්නෙ විදුලිබල මණ්ඩලයේ දැනට තියෙන සැලැස්මට අනුව පුනර්ජනනීය බලශක්තිය 7q0% ක් කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙදහස් පනහේ දී 2030දී මේක කරනවා කියන්නේ තව අවුරුදු අටයි තියෙන්නේ. මේ දේ කරන්න පුලුවන්ද
 පුනර්ජනනීය බලශක්තිය 2030දී සියයට හැත්තෑවක් කරන්න බලාපොරොත්තුව ඉන්නවා නම් එල් එන් ජී වලට මුදල් ගෙවන ගිවිසුමක් අත්සන් කළේ ඇයි
 ගල් අඟුරු බලාගාර දැන් නවත්තනවා කියලා ජනාධිපතිවරයා කියනවා මුතුරාජවෙල වගුරු බිමේ අක්කර 900ක් චීන සමාගමකට ටෙන්ඩර් කැඳවීමකින් තොරව දීලා තියෙනවා ගල් අඟුරු බලාගාරයට එතකොට ඒක දුන්නේ කවුද ඒක දුන්නේ ජනාධිපතිවරයා නෙමෙයිද
 ඛනිජතෙල් ඇමති කියනවා තෙල් දෙන්න නම් ඩොලර් දෙන්න කියලා විදුලිබල ඇමති කියනවා ඩොලර් හොයල දෙන්න අපිට ඩොලර් හොයල දුන්නොත් කරන්ට් එක දෙන්නම් කියනවා.
 කාටද මේ කියන්නේ
 දැනටමත් විදුලිය විසන්ධි වෙමින්යනවා.
 ජනාධිපතිවරයා ජීවත් වෙන්නේ සිහින ලෝකයක