30.6 C
Colombo
Thursday, June 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදකුණු කොරියානු කථානායක දිවයිනට

දකුණු කොරියානු කථානායක දිවයිනට

සිව්දින නිල සංචාරයක් සඳහා දකුණු කොරියානු කථානායකවරයා දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (19) රාත්‍රී සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කොරියානු කථානායකවරයා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණ ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ආරාධනයකට අනුව දකුණු කොරියානු කථානායක ‘පාක් බියෝන් සෙග්’ මහතා එම සංචාරයේ නිරත වන බව සඳහන් වේ.

දකුණු කොරියානු කථානායක පාක් බියොන් සෙග් මහතා එම සංචාරය තුළදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර මෙරට පාර්ලිමේන්තුවේද සංචාරයක නිරතවීමට නියමිතය.