― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsHealthඉන්දීය ණයට ගෙන්වූ ඖෂධවල අවුලක් – 80%කට ලංකාවේ ලියාපදිංචියක් නැහැ

ඉන්දීය ණයට ගෙන්වූ ඖෂධවල අවුලක් – 80%කට ලංකාවේ ලියාපදිංචියක් නැහැ

ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වන ලද ඖෂධවලින් සියයට 80ක් ලංකාවේ ලියාපදිංචි ඖෂධ නොවන බවත් ඒවා සඳහා කිසිදු ඇගැයීමක් හෝ නිර්දේශයක් නොමැති බවත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසීය.

වෛද්‍යවරයා මේ බව අනාවරණය කළේ ඊයේ (09) කොළබදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ අනුව ඖෂධ වර්ග 36ක් ‘සේවරිට්’ නම් ආයතනයෙන් ගෙන්වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුවද, එම ඖෂධ ලංකාවේ ලියාපදිංචි ඒවා නොවන බවයි වෛද්‍යවරයා එහිදී කියා සිටියේ.

අත්‍යවශ්‍ය ඖෂධ පමණක් ගෙන්වීමට තිබෙන මුදලින් අනවශ්‍ය ඖෂධ ගෙන්වමින් ණය ආධාර යටතේ ලැබෙන මුදල් නිරපරාදේ විනාශ වන බවත් මෙලෙස ඖෂධ මිල දී ගැනීම සඳහා සැපැයුම්කරුවන් තෝරාගෙන ඇත්තේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව බවත් වෛද්‍යවරයා කියා සිටියේ.