හිටපු කථානායක කරු ජයසූරිය
රටේ පවතින තත්ත්වය වටහා ගෙන වහාම ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර සියලු පක්ෂ නියෝජනය වන පරිදි සෞඛ්‍ය, ආරක්ෂක, ආර්ථික හා සමාජ විද්‍යාඥයන්ගෙන් සමන්විත ජාතික සභාවකින් කොවිඩ් ව්‍යසනය පරාජය කිරීමට කටයුතු කරන්නැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරු ජයසූරිය මහතා රජයෙන් ඉල්ලා සිටී.
ඒ මහතා මේ බව පවසා සිටියේ නිවේදනයක් නිකුත් කරමිනි.
එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර ඇත.
“කොරෝනා වයිරසයෙන් වඩාත්ම පීඩාවට සහ මරණයට පත් වෙන්නේ සමාජයේ පීඩිත ජන කොටස්. ඔවුන්ගේ එදිනෙදා ජීවිතය ශක්තිමත් කිරීමට ආපදා, සමාජ, ආර්ථික, ආරක්ෂණ දැලක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා.
මේ වසංගත තත්ත්වයට අදාළව ජනතාවට නිවැරදි තොරතුරු සහ දත්ත දැන ගැනීමට සැලැස්වීම රජයේ වගකීමක්. තොරතුරු සැඟවීමෙන් සහ නිවැරදි නොවන තොරතුරු ඉදිරිපත් කිරීමෙන් රටට සහ ජනතාවට සිදු විය හැකි හානිය වගකිව යුත්තන් තේරුම් ගත යුතුයි.
කොරෝනා මැඬලීමට ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂණ සඳහා පෞද්ගලික රසායනාගාරවලට ගෙවීමට වන මුදලෙන් 50% හෝ රජයෙන් දැරිය යුතුයි. එනිසා වහාම ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර සියලු පක්ෂ නියෝජනය වන පරිදි සෞඛ්‍ය, ආරක්ෂක, ආර්ථික සහ සමාජ විද්‍යාඥයන්ගෙන් සමන්විත ජාතික සභාවකින් එක්සත් ජාතියක් ලෙස කොවිඩ් මරුවා පරාජය කිරීමට කටයුතු කරමු. මේ සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් කොන්දෙසි විරහිතව දීමට සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය කැප වෙනවා.”
සුභාෂිණී සේනානායක