32 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජීවිත බිල්ලට දී ආර්ථිකය ගොඩනැඟීමෙන් පලක් නෑ

ජීවිත බිල්ලට දී ආර්ථිකය ගොඩනැඟීමෙන් පලක් නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

මිනිස් ජීවිත බිල්ලට දී රටක ආර්ථිකයක් ගොඩනැඟීමෙන් පලක් නොමැති බවත්, මේ යථාර්ථය ආණ්ඩුව තවමත් තේරුම් නොගැනීම කනගාටුවට කරුණක් බවත් සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ මහනුවර, පාතහේවාහැට, වතුලියද්ද ප්‍රදේශයේදී පසුගියදා (15) පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“කොවිඩ් පාලනයේදී ආණ්ඩුව අසාර්ථක බව දැන් පැහැදිලිව පෙනෙන්න්‍ තිබෙනවා. රට වසා දමා ආර්ථිකය ගොඩ ගැනීමට නොහැකි බවට තර්කයක් ආණ්ඩුව ගොඩනඟන්නේ තම අසාර්ථක බව වසා ගැනීමට. මේ අවස්ථාවේ අප මූලිකත්වය දිය යුත්තේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට. ඒ සඳහා රට වසා දැමිය යුතු බවට විශේෂඥයන් ප්‍රකාශ කළත් ආණ්ඩුව ඊට කන් නොදී රට විවෘත කර තිබෙනවා. මේ නිසා දිනපතා වාර්තා වන මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කිරීමට කිසිවකුටත් බෑ. තමන්ගේ සිරුරට වයිරසය ඇතුළු කර නොගෙන සිටීමට සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමේ වගකීම ජනතාවටත් තිබෙනවා. සමාජ දුරස්ථ භාවය රැක ගැනීම, මුඛ ආවරණ පැළඳීම වගේ දේවල් කෙරෙහි ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමත් අත්‍යවශ්‍ය දෙයක්. ආණ්ඩුව වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥයන්ගේ උපදෙස් ගණනකට නොගෙන ක්‍රියා කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ තත්ත්වය පිළිබඳ බැරෑරුම් ලෙස කරුණු පෙන්වා දී තිබෙනවා.

ජනාධිපතිවරණයට කලින් ආණ්ඩුවේ නායකයන් පාස්කු ඉරිදා සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ බලයට පත් වූ වහාම එයට අදාළව සාධාරණයක් ඉටු කරන බවයි. වින්දිතයන්ට සාධාරණයක් සමඟ වැරදිකරුවන්ට දඬුවම් දීමට පරීක්ෂණ පැවැත්වීමට නායකත්වය ගෙන කටයුතු කරන බව කිවුවා.”

අසේල කුරුළුවංශ