25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනතාව රජකරවන්න උත්සහ කරනවා

ජනතාව රජකරවන්න උත්සහ කරනවා

එක්කෙනා රජවෙන්න දඟලනවා වෙනුවට ජනතාව රජකරවන්න උත්සහ කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

අද (20) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේද කීය.

“මේ රටේ ජනතාව අපිට ඡන්දේ මේ එක එකාට රජවෙන්න නෙමෙයි. ඒ නිසා අපි ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා නම් ඒ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය අපි අනුගමනය කළ යුතුයි. අපි කවුරුත් තනි තනියෙන් රජවෙන්න උත්සහ නොකර ජනතාව රජකරවන්න උත්සහ කරොත් හොඳයි මේ අපහසු අවස්ථාවේ. මොකද ගෝලීය වසංගතයක් තියෙනවා. ලංකාවට ඒ වසංගතය බලපාලා තියෙනවා. ගෝලීය ආර්ථික අවපාතයක් තියෙනවා. අපේ රටේ ආර්ථිකයට යම්කිසි බලපෑමක් ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ මං හිතන්නේ අපි එක එක්කෙනා රජවෙන්න දඟලනවා වෙනුවට අපිට ජනතාව ඡන්දේ දීපු කාරණා ඉෂ්ට කරොත් තමා මේ රටේ ජනතාව රජකරවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පෞද්ගලික මතිමතාන්තර පැත්තක තියලා ජනතාවගේ අවශ්‍යතා ඉටුකරගන්න මැදිහත් වුණොත් හොඳයි.”