― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමැදමුලන වළව්ව සදහටම අතහැරලා හෙලිකොප්ටරේට නැග්ගේ මහජනයා බේරාගන්න

මැදමුලන වළව්ව සදහටම අතහැරලා හෙලිකොප්ටරේට නැග්ගේ මහජනයා බේරාගන්න

රනිල් වික්‍රමසිංහට උවමනා කළේ පොහොට්ටුවට ඡන්දය නොතියන බව ඡන්දය තබා පොහොට්ටුව හතරගාතෙන් වැට්ටවීමට බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

හලාවත ලේඩි රෝස් උත්සව ශාලාවේ දී පැවැති නිදහස් ජනතා සන්ධානයේ පුත්තලම් දිස්ත්‍රික් අපේක්ෂක හමුව අමතමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහට උවමනා වෙලා තිබ්බේ ඡන්දය පැවැත්වීමට බවත් එතකොට පොහොට්ටුව හතරගාතයෙන් වැටී බැසිලාගේ ආධිපත්‍යය බිඳවැටෙන බවත් ඔහු පැවසුවා.

අපි හෙලිකොප්ටරය හදලා තියෙන්නේ වලව්වල මොකෙක් හරි ආපදාවලින් බේරාගන්න නොවන බවත් මැදමුලන වලව්ව සදහට ම අතහැර ආ නායකත්වයකින් හෙබි හෙලිකොප්ටරය ආවේ මහජනයා මුහුණ පා සිටින ආපදාවෙන් ඔවුන් බේරාගැනීමට බව ඔහු වැඩිදුරටත් පැවසුවා.