28 C
Colombo
Monday, April 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලාංකිකයන්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයන්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා

රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය සදහා දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් සියෝග් පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙරට තුළ ආයෝජන අවස්ථා සඳහා කොරියාවේ ප්‍රධාන පෙළේ සමාගම් දිරිගන්වන ලෙසද ජනාධිපතිවරයා එහිදි සියෝග්ගෙන් ඉල්ලීමක් කර තිබුණි.

එමෙන්ම දකුණු කොරියාවේ ශ්‍රම වෙළෙඳපොළෙහි වැඩි අවස්ථාවක් මෙරට ශ්‍රමිකයින්ට ලබාදෙන ලෙස කළ ඉල්ලීම ඉටුකිරීමට පියවර ගන්නා බවද සියෝග් එහිදි ජනාධිපතිවරයා දැනුවත් කර ඇත. මෙරට වෘත්තීය පුහුණු අවස්ථා දියුණු කරගැනීමට කොරියානු රජයේ ආධාර ලබාදීමටත් දකුණු කොරියානු කථානායකවරයා එහිදි එකඟතාව පළකර තිබේ.