සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයන් ලබන 26 වැනිදා බස්නාහිර පළාතේ රෝහල් තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ගුරු සේවාවට සමගාමීව සෞඛ්‍ය වෘත්තිකයන්ගේද වැටුප් විෂමතා ඉවත් කරන ලෙස රජයට බල කරමින් ඔවුන් එලෙස වැඩ වර්ජනයේ නිරත වේ.
ඒ අනුව හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය යන අංශවලට අයත් සෞඛ්‍ය සේවකයන් ලබන 26 වැනිදා එම වර්ජනයට එක්වීමට නියමිතය. එම වර්ජනයෙන් පසුවද විසඳුමක් නොලැබුණ හොත් ලබන 30 වැනිදා සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමය අවධාරණය කරයි.