ඉන්දියා – පාකිස්තාන ගැටුම ඔක්: 12දා ඩුබායි හිදී
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන මුල්ම තරගය ඔක්තෝබර් 18 වැනිදා නැමීබියාව සමග අබුඩාබි හීදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාව සහභාගීවන ‘ඒ‘ කාණ්ඩයට අයර්ලන්තය, නෙදර්ලන්තය, හා නැමීබියාව අයත් වන අතර ‘බී‘ කාණ්ඩයෙන් ඕමානය, පැපුවා නිව්ගිනියාව, ස්කොට්ලන්තය හා බංග්ලාදේශය තරග වදිති.
මෙම කාණ්ඩ දෙකේ පළමු හා දෙවැනි තැනට පිවිසෙන කණ්ඩායම් හතර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපර් 12‘ තරග වටයට උසස්වීම් ලබති. එම ‘සුපර් 12 තරග වටය ආරම්භ කරමින් ඔක්තෝබර් 12 වැනිදා ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ඩුබායි හීදී පැවැත්වේ. 2016 ලෝක කුසලානයෙන් පසු ඉන්දියාව හා පාකිස්තානය හමුවන අතර අවසන් වරට පැවැති තරගයෙන් ඉන්දියාව ජය වාර්තා කළේය.
ශ්‍රී ලංකාව සහභාගීවන දෙවැනි තරගය ඔක්තෝබර් 20 වැනිදා අයර්ලන්තය සමග හා තෙවැනි තරගය ඔක්තෝබර් 22 වැනිදා නෙදර්ලන්තය සමග පැවැත්වේ. මෙම කාණ්ඩයේ අයර්ලන්තය හා නෙදර්ලන්තය අතර තරගය ඔක්තෝබර් 18 වැනිදා, නැමීබියාව හා නෙදර්ලන්තය අතර ඔක්තෝබර් 20 වැනිදා, නැමීබියාව හා අයර්ලන්තය අතර තරගය ඔක්තෝබර් 22 වැනිදා පැවැත්වේ.
‘බී‘ කාණ්ඩයේ පළමු තරගය ඔක්තෝබර් 17වැනිදා සත්කාරක ඕමානය හා පැපුවා නිව්ගිනියාව අතර ඕමානයේදී පැවැත්වේ. එදිනම බංග්ලාදේශය හා ස්කොට්ලන්තය අතර තරගය ද පැවැත්වේ. ඔක්තෝබර් 19වැනිදා ස්කොට්ලන්තය හා පැපුවා නිව්ගිනියාව, එදිනම ඕමානය හා බංග්ලාදේශය, ඔක්තෝබර් 21වැනිදා බංග්ලාදේශය හා පැපුවා නිව්ගිනියාව, එදිනම ඕමානය හා ස්කොට්ලන්තය අතර තරග පැවැත්වේ.
ප්‍රින්ස් ගුණසේකර