රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ජනවාරි මාසය තුළ පමණක් මේ දක්වා ඩෙංගු රෝගීන් 5,000 ඉක්මවා හඳුනාගෙන ඇති අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ, නිමංකා පනිලහෙට්ටි මහත්මිය ප්‍රකාශ කළේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 60ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි.