29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔමික්‍රෝන් අනු ප්‍රභේද 02ක්

ඔමික්‍රෝන් අනු ප්‍රභේද 02ක්

ශ්‍රී ලංකාවේ පැතිර යන ප්‍රධාන කොරෝනා ප්‍රභේදය ඔමික්‍රොන් වුවත් මෑතක සිට ඔමික්‍රෝන් ප්‍රභේදයේ අනු ප්‍රභේද 02ක් රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනය පවසයි.

ප්‍රභේද පරීක්ෂාවට ලක් කළ සාම්පල 78 කින් 75ක් ඔමික්‍රෝන් ප්‍රභේදය බවට හඳුනා ගැනීමත් සමග මෙම තත්ත්වය තහවුරු වී තිබේ. ප්‍රභේද පරීක්ෂාවට ලක්කළ කොරෝනා ආසාදිතයින්ගෙන් ලබාගත් සාම්පල 78 න් මෙරට පැතිර ගොස් තිබූ ඩෙල්ටා ප්‍රභේදයට හඳුනා ගැනුණේ තිදෙනෙකුගෙන් පමණක් බව එම විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළේය.

මේ සඳහා මෙම මස මුල් සති තුන ඇතුළතදී සාම්පල ලබාගෙන ඇති අතර කොළඹ, අවිස්සාවේල්ල, බොරලැස්ගමුව, හෝමාගම, කටුගොඩ, කොස්ගම, මඩපාත, පාදුක්ක, පරකඩුව, වැල්ලම්පිටිය යන ප්‍රදේශවලින් වාර්තා වී ඇත්තේ ඔම්ක්‍රොන් බී.ඒ 1 යන අනු ප්‍රභේදයයි.

අවිස්සාවේල්ල, බදුල්ල, කොළඹ, ගාල්ල, කොලොන්නාව, ගල්කිස්ස, නුගේගොඩ යන ප්‍රදේශවලින් ඔම්ක්‍රොන් බී.ඒ 2 යන අනු ප්‍රභේදය හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනය ප්‍රකාශ කළේය.