― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsHealthදියවැඩියාව ගැන ඇහෙන ඇඟ සලිත කරන හෙළිදරවුව

දියවැඩියාව ගැන ඇහෙන ඇඟ සලිත කරන හෙළිදරවුව

ශ්‍රී ලංකාවේ සෑම වැඩිහිටියන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙකු දියවැඩියා රෝගයෙන් පෙළෙන බව නවතම සමීකෂණයකින් අනාවරණය වී තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 23ක් දියවැඩියාවෙන් පෙළෙන බවත් තවත් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු එනම්, සියයට 31කට රුධිරයේ ඉහළ සීනි මට්ටමක් ඇති බවත් මෙම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

2019 වසරේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක පර්යේෂකයන්, කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය හා සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදු කරන ලද විශාල ජාතික සමීක්ෂණයකට අනුවයි මෙම තොරතුරු අනාවරණ්ය වී ඇත්තේ.

එමෙන්ම අධික බරින් යුතු (ස්ථුලතාව) හා වඩා හොඳ තත්ත්වයේ සිටින හෝ රටේ වඩා සංවර්ධිතන ප්‍රදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් තුළ දියවැඩියාව බහුලව දක්නට ලැබෙන බව මෙම අධ්‍යනයෙන් හෙළිව ඇත.

බස්නාහිර, උතුරු හා නැගෙනහිර පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයෙත් තවත් සමහර ප්‍රදේශවල එම අනුපාතය ඉහළ මට්ටමක පවතින බව හඳුනාගෙන ඇති අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ සෑම වැඩිහිටියන් තිදෙනෙකුගෙන්ම එක් අයෙකුට (සියයට 34) දියවැඩියාව ඇතැයි හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පවසන්නේ මෙය දියවැඩියාව හඳුනා ගැනීම සඳහා වන මුඛ ග්ලූකෝෂ් නිෂ්කාශන පරීක්ෂණයේ රන් සම්මත ක්‍රමය භාවිත කළ පළමු දියවැඩියාව පිළිබඳ ජාතික සමීක්ෂණය බවයි.