ජනපති රනිල් වික්‍රමසිංහ උමතුවෙන් පසූවෙනවාද යන සැකය මතුවෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ 24 දින කැදවා තිබු මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ
රනිල් වික්‍රමසිංහ පැවසුවේ මැතිවරණය කල් දැමීමක් කිසිසේත්ම සිදු වෙලා නෑ, මැතිවරණයක් නිත්‍යානුකූලව ප්‍රකාශයට පත් කිරීමක් සිදු වෙලා නෑ කියලා ඔහු කියනවා. 2023 මාර්තු මාසේ නම වැනි දා පළාත් පාලන මැතිවරණය සිදුකරනවා යයි කරන ලද ප්‍රකාශය නීත්‍යානුකූල නොවන එකක් කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ.
නීතියානුකූලව මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා නැත්නම් රනිල් වික්‍රමසිංහ නායකයා ලෙස සිටින එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන ගණනාවකට ඇප මුදල් තැන්පත් කළේ ඇයි. එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් පළාත් පාලන ආයතන ගණනාවකට නාමයෝජනා බාර දුන්නේ ඇයි.
මේ ඔක්කොම අලුයම දුටු සිහිනයක් වගේ එකක්ද. රනිල් වික්‍රමසිංහ උමතුවෙන් පසූවෙනවාද කියන සැකය ඕනෑම කෙනෙකුට මතුවෙනවා. පහුගිය කාලේ කිව්වේ ගෝඨා පිස්සෙක් කියලා. රනිල් පිස්සෙක් කියල හිතෙන මට්ටමේ ප්‍රකාශයක් කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ගේ මාමා එකතු වෙලා හදපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙවැනි උම්මත්තක භාවයෙන් පෙළෙන පුද්ගලයෙක් ට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ යුතුයි කියලා තමා ලියල තියෙන්නෙ.
ඔහු කියන්නේ ආර්ථික අර්බුදයට පිළිතුරු සෙවිය යුතුයි. ඒක එයාට භාර දීල තියෙන්නෙ දෙවියන් වහන්සේ හරි කවුරුහරි ද දන්නෙ නෑ. ආර්ථික අර්බුදයට පිළිතුරු සෙවීමේ වගකීම ජනතාව විසින් තමයි යම්කා ටහරි පවරන්නේ.
අපි කියන්නේ ජන සහභාගිත්ව ප්රජාතන්ත්රවාදයක් ගැන. මේගොල්ලෝ කියන්නේ ඇත්ත ප්රජාතන්ත්රවාදය සුපිරි ප්රජාතන්ත්රවාදය නියෝජිත ප්රජාතන්ත්රවාදය. එහෙම කියලා අවසානයට දැන් සිද්ධ වෙමින් තියෙන්නේ ඒ අයම පිළිගත්තු නියෝජිත ප්රජාතන්ත්රවාදය පවා අළුයම ලූ කෙළ පිඩක් වගේ විසිකරන තත්ත්වයක් මේ තියෙන්නෙ.
මැතිවරණයක් නීත්‍යානුකූලව ප්‍රකාශයට පත් වුණත් ඒක කරන්න සල්ලි නෑ කියනවා. නිදහස් දින උත්සව කියලා බාල් නටන්න සල්ලි තියෙනවා . රනිල් වික්‍රමසිංහ ගේ පොඩි පොඩි ළදරු ආසාවල් සංසිඳවා ගන්න ඇතාගේ පිටේ ජනරජ ලාංඡනය තියලා විහිළුකාර පෙරහරවල් තියන්න ඒවාට කෝටි ගණන් වියදම් කරන්න ඒකට රජයට සල්ලි තියෙනවා.
මහනුවර පෙරහැරට පොලිසියෙන් යවන්න පොලිසියට මානව සම්පත තියෙනවා. රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවට 24 දෙනෙක් යවන්න ඒකට මානව සම්පත නැහැ.
රනිල් වික්‍රමසිංහ රටේ ජනතාව විසින් පත් කරපු නායකයෙක් නෙවෙයි
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්නවත් තෝරාපත් කරපු පුද්ගලයෙක් නෙමෙයි.
කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව තීරණය කරලා තිබුණා ඔහු පාර්ලිමේන්තුවට වත් නොයැවිය යුතුයි කියලා. මාස ගාණක් ගිහිල්ලා අවුරුද්දකට විතර පස්සේ පාර්ලිමේන්තුවේ හොරෙන් වාඩි වුණා.
ගෝඨාභය තියෙන බෙලහීන කම රාජපක්ෂලාගෙ නැවත බලයට එන්න තියෙන කපටි සැලසුම් වල ආධාරකයක් විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩු පාවිච්චි කරලා දැන් ජනාධිපති පුටුවේ වාඩිවෙලා ඉන්නවා.
ජනතාව මෙයාව පිළිගන්නේ නෑ එයාම තමයි මම රජා මම රජා කියලා ඉන්නේ.
ඔහුගේ තර්කයට අනුව ගත්තොත් නැත්තේ පළාත් පාලන මැතිවරණ විතරක් නෙමෙයි. මහමැතිවරණ තියන්නත් බැහැ. මහ බැංකු අධිපති නන්දලාල් මහත්තයා මේ අර්බුදය වසර දහයක් වත් යන්න පුලුවන් කියලා කියලා තියෙනව
ලංකාවෙ ඉන්න කීර්තිමත් ආර්ථික විශේෂඥයෝ කියල තියෙන්නෙ මේ අර්බුදය වසර පහළොවක් වත් ඉදිරියට යයි කියලා. ණය ගෙවන්න උනාට පස්සේ මේක තව වැටෙනවා.
මැතිවරණ නොපැවැත්වීමට ආර්ථික අර්බුදය පාවිච්චි කරමින් ඉන්නවා. ආර්ථික අර්බුදයට අපේ රටේ ජනතාව මුහුණ දෙන්නෙ රනිල් වගේ ජන වරමක් නැති පෙන්දෙක්ගේ නායකත්වය සහ අර පොහොට්ටුවේ ඉන්න පාදඩ හොර තක්කඩින් ගේ නායකත්වය යටතේ ද. නැත්තං ඒ අර්බුදයට මුහුණ දෙන්න වෙනත් දේශපාලන නායකත්වයක් ගොඩනඟා ගන්නවාද.
ඒ තීරණය ගන්න ජනතාවට අයිතියක් තියෙනවා.