රටේ ආර්ථික අර්බුදය ගෙනාවේ එක්සත් ජාතික පක්ෂය නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පැවසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ තරුණ බලකායේ සමුළුව අමතමිනි.
රට අරාජික වූයේ හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකවරුන්ගේ වැරදි තීන්දු නිසා බවයි මන්ත්‍රීවරයා අව්ධාරණය කළේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ලබන මාසේ ජාත්‍යන්තර අරමුදලේ ණය ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත් එවිට තවත් රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට උදව් කිරීමට සූදානම් බවයි.