සුපිරි වෙළෙඳසලක කුළුබඩු අසුරා තිබූ රාක්කයකින් මීටර් 3ක් දිගැති පිඹුරකු මතුවීමෙන් එහි සිටි පාරිභෝගිකයන් දැඩි කලබලයට පත්වී පිටතට දිව ගිය පුවතක් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් වාර්තා වේ. සිඩ්නි නුවර උතුර පළාතේ පිහිටි ලෝක ප්‍රකට වූල්වර්ත් සමාගම සතු මේ සුපිරි වෙළෙඳසැලට පැමිණ සිටි හෙලයිනා අලාටි නමැති කාන්තාව කුළුබඩු තෝරමින් සිටියදී මේ පිඹුරා දැක තිබේ. එක්වරම තම මුහුණට සෙන්ටිමීටර් 20ක පමණ ආසන්නයේ පිඹුරාගේ හිස දිස් වූ බව ඇය පසුව වාර්තාකරුවන්ට කියා සිටියාය. මේ සිදුවීමෙන් දැඩි කලබලයට පත් එහි සිටි පාරිභෝගිකයන් පිටතට දිව යද්දී ඇය ඉතා ඉක්මනින් පිඹුරා අල්ලාගෙන වෙළෙඳසලෙන් පිටතට පැමිණ අසල තිබූ පඳුරකට වීසිකර තිබිණි. ඇය කාලයක් සර්පයන් ඇල්ලීමේ කාර්යයෙහි නිරතවී සිටි කාන්තාවක බව පසුව වාර්තා විය.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
