30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපිටුවහල් වූ තලෙයිබාන් නායකයෝ කාබුල් නුවරට ළඟා වෙති

පිටුවහල් වූ තලෙයිබාන් නායකයෝ කාබුල් නුවරට ළඟා වෙති

වසර ගණනාවකට පසු මාධ්‍ය ප්‍රකාශක ප්‍රසිද්ධියේ පෙනී සිටී

කටාර් රාජ්‍යයට පලා ගොස් සිටි තලෙයිබාන් සංවිධානයේ බොහෝ ඉහළ මට්ටමේ නායකයන් මේ වනවිට කාබුල් නුවරට ළඟාවෙමින් සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු තලෙයිබාන් සංවිධානය සිය පළමු නිල මාධ්‍ය හමුව පෙරේදා පැවැත්වූ අතර, ෂරියා නීතියට අනුකූලව ඇෆ්ගන් කාන්තාවන්ට අයිතිවාසිකම් හිමිකර දෙන බව එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සබියුල්ලා මුජාහිඩ් ප්‍රකාශ කර තිබේ. වසර ගණනාවක් සැඟවී සිට විවිධ ප්‍රකාශ නිකුත් කළ ඔහු ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වූයේ පළමුවරටය.

බාහිර හෝ අභ්‍යන්තර සතුරන් තම සංවිධානයට අවශ්‍ය නොවන බව තලෙයිබාන් මාධ්‍ය ප්‍රකාශක මෙහිදී කියා තිබේ.

මේ අතර රටින් පිටවීමට බලා සිටින ඇෆ්ගනිස්තානයේ සාමාන්‍ය ජනතාවට නිරුපද්‍රිතව ගුවන්තොටුපොළට යෑමට ඉඩ දෙන බවට තලෙයිබාන් සංවිධානය පොරොන්දු වූ බව ධවල මන්දිරය නිවේදනය කළේය. එහෙත් බොහෝ මාධ්‍ය වාර්තා සඳහන් කළේ ගුවන්තොටුපල බලා පිටත්ව යන ඇෆ්ගනිස්තානයේ සාමාන්‍ය ජනතාවට තලෙයිබාන් ආරක්ෂක භටයන් පහර දුන් බවය.

මේ වන විට කාබුල් නුවර වීදි සන්සුන් ස්වරූපයක් ගෙන ඇති අතර, නගරය පුරා තලෙයිබාන් ආරක්ෂක භටයෝ මුර කපොලු තර කරමින් සිටිති.

තමන් ලැබූ ජයග්‍රහණය සැමරීමට කටයුතු නොකරන ලෙස තලෙයිබාන් නායකයන් තම සාමාජිකයන්ට දැනුම් දී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. සිවිල් වැසියන් සතුව ඇති ගිනි අවි සහ ජීව පතොරම් භාර දෙන ලෙස ද ඔවුන් නියෝග කර තිබේ.

මේ අතර එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇති ඇෆ්ගනිස්තානයේ හකානි ජාලය එරට හිටපු අගමැති හමීඩ් කර්සානි මුණ ගැසී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ. හකානි ජාලයේ හමුදා නායක සහ ජ්‍යෙෂ්ඨ නායක අනාස් හකානි මේ සාකච්ඡාවට සහභාගි වී ඇතැයි ද, හිටපු රජයේ සාම නියෝජිත අබ්දුල්ලා අබ්දුල්ලා ද ඊට එක්වූ බව වාර්තා වේ.

හකානි ජාලය පාකිස්තාන-ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ තලේබාන් සංවිධානය සතු මූල්‍ය හා හමුදා වත්කම් අධීක්‍ෂණය කරනු ලබන සංවිධානයකි.