30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොවිඩ් මරණ ඉහළ යෑම රට වැසීමෙන් තරමක් දුරට හෝ පාලනය කර ගත...

කොවිඩ් මරණ ඉහළ යෑම රට වැසීමෙන් තරමක් දුරට හෝ පාලනය කර ගත හැකියි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, රාජ්‍ය අැමැති දයාසිරි ජයසේකර

කෙටි කාලයක් සඳහා රට වැසීම හෝ ඇඳිරි නීතිය පැනවීමක් සිදු කළහොත් කොවිඩ් මරණ සහ ආසාදිතයන් ඉහළ යෑම යම් තරමක් දුරට හෝ පාලනය කර ගැනීමට හැකි වන බවත් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, රාජ්‍ය අැමැති දයාසිරි ජයසේකර මහතා පෙරේදා (18) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ පක්‍ෂ මූලස්ථානයේ පෙරේදා (18) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

තවදුරටත් මහ ලේකම්වරයා මෙසේද පැවසීය.

“රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව රට වසා දැමීම අසීරු කරුණක් බව මා පිළිගන්නවා. එහෙත් පවතින වාතාවරණය හමුවේ ජන ජිවිත සුරක්ෂිත කිරීම උදෙසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

වෛද්‍ය විශේෂඥයන්, විද්වතුන් මෙන්ම දේශපාලන පක්‍ෂ නායකයන්ගේ ද ඉල්ලීම වන්නේද වසංගතය පාලනයට සති දෙකකට හෝ තුනකට රට වසා දැමීමයි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ බලධාරීන්ගේ උපදෙස් අනුව නිසි තීරණයක් ගැනීම සුදුසුයි.

එන්නත්කරණය වේගවත්ව සිදු කිරීම අගය කළ යුතු අතරම එන්නත්කරණය සිදු වන ස්ථානවල විශාල වශයෙන් පිරිස් ඒකරාශීවීම වයිරසය පැතිරයාමට හේතුවක් විය හැකි. එබැවින් එන්නත්කරණ වැඩපිළිවෙළ මීට වඩා ක්‍රමානුකූල විය යුතුයි.රට වසාදැමීම හෝ ඇඳිරි නීතිය පැනවීම වැනි ක්‍රියාමාර්ග ගැන තීන්දු තීරණ ගත යුත්තේ දේශපාලනඥයන් නොව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් බව කිව යුතුයි.”

ස්වර්ණා විජේකෝන්