25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති හමු වී දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරනවා

ජනපති හමු වී දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරනවා

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්

රටේ ප්‍රශ්න ගණනාවක් සහ දෙමළ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ප්‍රශ්න ගණනාවක් ඇති බවත් ඒවාට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයා හමු වීමට බලාපොරොත්තුවෙන් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතා පැවසීය.

සම්පන්දන් මහතා ඊයේ(19) මේ බව මාධ්‍යයට පැවසීය.

ඒ මහතා තවදුරටත් මෙසේද කියා සිටියේය. “මෙයට පෙර ජනාධිපතිවරයා හමු වීම සඳහා ජූනි මස 16 වැනිදා යොදාගෙන සිටියා. නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය අවසානයේ අවලංගු කළා.

දෙමළ ජාතික සන්ධානය එදා සිටම ජනාධිපතිවරයා හමු වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.විසදා ගැනීමට ප්‍රශ්න රැසක් තිබෙනවා. ඊට ජනාධිපතිවරයාගෙන් සුබවාදී පිළිතුරක් ලැබෙයි කියා හිතනවා.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා පැන නැගී ඇති ගැටලු පිළිබඳත් පළාත් සභා මැතිවරණය පිළිබදවත් ස්ථිර නිගමනයක් නැහැ. උතුරු නැඟෙනහිර පළාත්වල දෙමළ ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති ගැටලු ද ඉන්දියාවේ විරසකය පිළිබඳව ද කොවිඩ් වසංගතය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.”

උතුරු පළාත් විශේෂ