එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන
කොරෝනා මර්දනය අතහැරීම හේතුවෙන් වෙළෙඳ සංගම් මැදිහත් වී ජනතාව ආරක්ෂා කිරීමට පියවර ගැනීම ගැන ආණ්ඩුව ලජ්ජා විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පෙරේදා (18) පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කෙළේ පෙරේදා (18) කොළඹදී පැවැති පක්ෂ ක්‍රියාකාරී හමුවකදීය.
තවදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.
“ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව මෙය ස්වයං විනයක් ලෙස හැදින්වුව ද මෙයින් පැහැදිලි වන්නේ රටේ ආණ්ඩුවක් නැති බව පෙන්වා දීමක්.
වෛද්‍යවරු රට වහන්න කියද්දි ජනාධිපතිවරයා සෞඛ්‍ය අමැති ධූරය මාරු කළා. ආණ්ඩුව කරන්නේ ඔළුවේ අමාරුවට කොට්ටය මාරු කරන වැඩ. ඒවා පලක් නැහැ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා හමු වී යෝජනා 21ක් භාර දුන්නා. මේ හමුව තුළින් ඇතැම් අය කොරහේ කුඹුල්ලු දකිමින් වැරදි අර්ථකථන ඉදිරිපත් කරමින් ඉන්නවා.”
ශිරෝමි අබයසිංහ