26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදෙදෙනාට ම මරු කැඳවූ පෙම් පලහිලවුව

දෙදෙනාට ම මරු කැඳවූ පෙම් පලහිලවුව

කරන්දෙණිය ප්‍රදේශයේ පිහිඹිය කන්ද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී 20 හැවිරිදි තරුණයකුගේ හා 16 හැවිරිදි පාසල් සිසුවියකගේ මළසිරුරු දෙකක් සොයාගෙන ඇත.

පොලිසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේ ගෙළවැලලාගෙන මියගොස් සිටි තරුණියගේ දේහය කොස් ගසක එල්ලෙමින් තිබී ඇති අතර තරුණයාගේ මළ සිරුර එම ස්ථානයේ බිම වැටී තිබී ඇත.

දේහයන් මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය මූලික රෝහලට යොමුකර තිබෙන අතර, කරන්දෙණිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ෂණ සිදු කරයි.