30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිපක්ෂ නායකයා කොවිඩ්වලට බෙහෙත් දෙන්න යනවා! මේක බල්ලගේ වැඩේ බූරුවා කරනවා වගේ...

විපක්ෂ නායකයා කොවිඩ්වලට බෙහෙත් දෙන්න යනවා! මේක බල්ලගේ වැඩේ බූරුවා කරනවා වගේ වැඩක්

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

කොවිඩ් වසංගතය සහ ආර්ථිකය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනා 21 පිළිගෙන ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයා සතු කාර්යයක් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

මාධ්‍ය වෙත ඊයේ (19)අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කෙළේය.

තවදුරටත් රංගේ බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

“කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් අප 2020 වසරේ සිට යම් යෝජනා ඉදිරිපත් කළා. වසංගතය සහ ආර්ථිකය කළමනාකරණය සම්බන්ධයෙන් අප යෝජනා 21 ක් ඇතුළත් යෝජනාවලියක් සකස් කළා. එහි පිටපතක් අප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ඉදිරිපත් කළා. පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා හමු වී කරුණු සාකච්ඡා කළා. සියලුම දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්ජාවක් පවත්වන ලෙසත් අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. අප ඉදිරිපත් කළ කරුණු පිළිගැනීම හෝ නොගැනීම ජනාධිපතිවරයා සතු කාර්යයක්.

පවතින තත්ත්වය අනුව අපේ රටේ මිනිසුන් 30.000 ක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයත් පුරෝකතනය කර තිබෙනවා. එසේ තිබියදී නිහඬව බකන්නිලාගෙන ඉන්න පුළුවන්ද කියා අහන්න කැමතියි.

විපක්ෂ නායකයා කොවිඩි රෝගයට දෙන බෙහෙත් යෝජනා කරමින් ඉන්නවා. රෝගීන්ට දෙන බෙහෙත් නියම කරන්නේ වෛද්‍ය විශේෂඥයන් විසින්. බල්ලගේ වැඩේ බූරුවා කරන්න යැමෙන් ජනතාව අමාරුවේ වැටෙනවා.

අප ඉදිරිපත් කළ යෝජනාවලිය ඩීල් එකක් බව හර්ෂණ රාජකරුණා සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන් පවසා තිබෙනවා. වසංගතයෙන් මිනිසුන් ආරක්ෂා කිරීමට පියවර ගැනිමද නැතිනම් මිනිසුන් 30,000 ක් මැරෙන තුරු බලා සිටීම ඩීල් එකක් ද කියා අහන්න අවශ්‍යයි.”

ශිරෝමි අබයසිංහ