29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමාජ ශාලවක ඇති වූ ගින්නෙන් 19 ජීවිතක්ෂයට

සමාජ ශාලවක ඇති වූ ගින්නෙන් 19 ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවක හටගත් ගිනන්කින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාමාජ ශාලාව තුළ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසුව අදා‍ළ ගින්න හටගෙන ඇති අතර අදාළ ගැටුමේදී තියුණු ආයුධයකින් පහරකෑම හේතුවෙන් එක් අයෙකු මියගොස් ඇත.

මහල් දෙකකින් සමන්විත අදාළ රාත්‍රි සමාජ ශාලාවේ පහත මාලයේ එම ගින්න හටගෙන ඇති අතර ගිනි නිවන භටයින් විසින් අදාළ ගින්න මැඩපවත්වා තිබේ. පසුව සිදුකළ සෝදිසි කිරීම්වලදී ඉහළ මාලයේ කාමරයක් තුළ තිබී මියගිය පුද්ගලයින් 18 දෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.