28 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට

රිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (25) රාත්‍රී කාලයේදි තලංගම පොලිස් වසමේ කොස්වත්ත, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ මධ්‍යම පරිසර අධිකාරීය අසලදී සිදුවූ රිය අනතුරනික් 27 හැවිරිදි පොලිස් නිලධාරීයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

කොස්වත්ත දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළීමෙන් එම අනතුර සිදුව ඇත.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ, කරඳගොල්ල ප්‍රදේශයේ පදිංචි බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුත්ත පොලිස් කොස්තාපල්වරයෙකි.

මේ අතර මීගොඩ පොලිස් වසමේ නාවලමුල්ල – ලෙනගල අතුරු මාර්ගයේ නාවලමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් 48 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර ඊයේ (25) සවස් කාලයේදී, දිඹුලපතන පොලිස් වසමේ මවුන්ට්වර්නත් පතන අතුරු මාර්ගයේ මවුන්ට්වර්නත් උඩ කොටස ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 37 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පතන සිට පැමිණි ලොරි රථයක් තේ දළු පැටවීමට නවතා රියදුරු ලොරි රථයෙන් බැස සිටියදී ලොරි රථය එකවරම ඉදිරියට ධාවනය වී ඇත.

පසුව රියදුරු ලොරි රථයට නැඟ රථය නැවැත්වීමට උත්සාහ කිරීමේදී ලොරි රථය රියදුරු සමග ඇළ මාර්ගයකට පෙරළීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසි පවසයි.

මේ අතර වැලිගෙපොළ පොලිස් වසමේ කපුගල රජවක මාර්ගයේ කපුගල ප්‍රදේශයේදී රජවක දෙස සිට කපුගල දෙසට ධාවනය වූ ටිපර් රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ගසක ගැටීමෙන් 50 හැවිරිදි මකුණමලේ, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මිය ගොස් තිබෙනවා.