28 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් වර්ජනයක

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් වර්ජනයක

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊයේ(25) ආයතන පරිශ්‍රය තුළ සංකේත වැඩ වර්ජනයක් ද ආරම්භ කර තිබුණි.

ඉන් අනතුරුව අද (26) සිට ඔවුන් සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම ට තිරණය කර තිබේ.

ඒ යෝජිත විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට විරෝධය පළ කරමිනි.

කෙසේවෙතත් ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් බලධාරීන්ගෙන් නොලැබීම හේතුවෙන් අද සිට සේවයට වාර්තා කර රාජකාරී කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමර්ගයක නිරත වන බව දේශීය ආදායම් වෘත්තිය සමිති එකමුතුවේ විධායක සභික එච්.ඒ.එල්.උදයසිරි මහතා පැවසුවේය.

“අද දවසේ අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ වගේම සියලුම දිස්ත්‍රික්ක කාර්යාලවල සේවය කරන සියලුම කාර්ය මණ්ඩලය සේවයට වාර්තාකරලා රාජකාරි කටයුතුවලින් බැහැරවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට තීරණය කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරලා තියෙන විශේෂ භාණ්ඩ හා සේවා බද්ද වගේම ඒ පනත් කෙටුම්පත මඟින් ඇතිකරලා තියෙන සේවාවට සහ දෙපාර්තමේන්තුවලට. ඒ වගේම සමස්තයක් විදිහට අහිතකර තත්ත්වය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම මුදල් අමත්‍යාංශයට සහ අදාළ අංශවලට ලිඛිතව කරුණු ඉදිරිපත් කළා. නමුත් මේ දක්වා මේ සාකච්ඡාවකට අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ නිසා අපි අද දවසේ සිට අඛණ්ඩ වැඩවර්ජනයකට සහ වෘත්තී සමිති ක්‍රියාමර්ගයකට යන්න බලාපොරොත්තු වෙනවා.”