26.7 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමති බන්දුල හා පකිස්ථාන අගමැති අතර හමුවක්

ඇමති බන්දුල හා පකිස්ථාන අගමැති අතර හමුවක්

පාකිස්ථානයේ සංචාරයක නිරත වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හමුවී තිබේ.

ශ්‍රී ලංකා – පකිස්ථාන වෙළඳ ගිවිසුමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නිරන්තර සාකච්ඡා පැවැත්වීමත් අදහස් හුවමාරු කර ගැනීමත් අවශ්‍ය බව එහිදි පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

බෞද්ධාගමික ජනතාව පකිස්ථානයේ සංචාරය කිරිමේ වැඩපිළිවෙළ ප්‍රවර්ධනයට අපේක්ෂා කරන බවද පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී පැවසූ බව වෙළඳ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ය.

මෙහිදි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා ඇත්තේ ශ්‍රී ලංකා පකිස්ථාන වෙළඳ ගනුදෙනු තර කර ගැනීම සඳහා තමන් ඇතුළු ව්‍යපාරික ප්‍රජාවට ලබාදුන් පිළිගැනීම පිළිබඳ ස්තූතිවන්ත වන බවයි.