35 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදුලි උත්පාදනයට ඉන්ධන ප්‍රමාණවත් අදට පමණයි

විදුලි උත්පාදනයට ඉන්ධන ප්‍රමාණවත් අදට පමණයි

විදුලිය උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඩීසල් හා දැවි තෙල් තොග ඇත්තේ අද (26) දිනයට පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

කැලණිතිස්ස බලාගාර සංකීරණයට විදුලිය උත්පාදනය සඳහා ලබාදුන් ඩීසල් තොග අද අවසන් වන බවත් සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරය සඳහා දැවි තෙල් ප්‍රමාණවත් වන්නේද අද දිනයට පමණක් බවත් එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුවත් කර ඇත. ඩීසල් හා දැවි තෙල් අද දිනයේ නොලැබුණහොත් විදුලිය කප්පාදුවකට යාමට සිදුවන බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.