27.8 C
Colombo
Thursday, June 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදියණියගේ ඡායාරූපයක් නිසා කෝලි සිත්තැවුලෙන්

දියණියගේ ඡායාරූපයක් නිසා කෝලි සිත්තැවුලෙන්

සමාජ මාධ්‍ය වෙත හෝ මාධ්‍යයට නොපෙන්නු, සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ පුංචි දූ පොඩ්ඩගේ අපූරූ ඡායාරූපයක් පසුගිය දා මාධ්‍ය තුළ හුවමාරු වුණා.

ඇය දිනෙක සියල්ල තේරුම් බේරුම් කරගත හැකි දැරියක් බවට පත්වනතුරු කිසිදාක ඇයව ලෝකයට නොපෙන්නන බවයි ඔහු මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ.

එසේ වුවත්,අහම්බයෙන් සිය දියණියගේ ඡායාරූපයක් හුවමාරු වීම නිසා කෝලී සිත් තැවුලෙන් සිටින බවයි නවතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

“අපේ දුවගේ ෆොටෝ එක ගොඩක් අය ශෙයා කරලා තියෙනවා අපි දැක්කා… ඇත්තෙන්ම එය අප බලාපොරොත්තු නොවිච්ච දෙයක්. මේ සම්බන්ධයෙන් අපේ ස්ථාවරය සහ ඉල්ලීම මේකයි.. කරුණාකරලා අපේ දියණියගේ ඡායාරූප හුවමාරු කරගන්න එපා. කවුරුත් වාමිකාව රූගත කරන්න හොඳ නෑ… මම නැවතත් ඒක කියනවා…”