32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වෙනිදායින් අවසන්

පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වෙනිදායින් අවසන්

සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න්  අවසන් වන හෙයින් එම ආයතන සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් පාවිච්චි කරන වාහන ඇතුළු  සියලුම රජයේ  දේපළ අදාල ආයතනවලට එදිනට පෙර බාර දෙන්නැයි දැනුම්දී  ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

මෙම වාහන වෙනත් නිලධාරීන්ට හෝ ආයතනවලට හෝ නිකුත් නොකර වෙනම තබා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම වාහන අවභාවිත වුවහොත් ඉදිරියේදී පත්වීමට නියමිත සභාපතිවරුන්ට අමුතුවෙන් වාහන මිලදී ගැනීමට සිදුවීමෙන් ලොකු ගැටලුකාරී තත්වයක් මතුවනු ඇතැයිද ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.