27 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅපේ සෞඛ්‍ය සේවාව ගැන ජාත්‍යන්තරය ප්‍රශංසා කරනවා

අපේ සෞඛ්‍ය සේවාව ගැන ජාත්‍යන්තරය ප්‍රශංසා කරනවා

මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව ජාත්‍යන්තරය ඉහළ විශ්වාසයක් තබා ඇති බවත් ඕනෑම තත්ත්වයකට මුහුණ දියහැකි ඉහළ ශක්තියක් මෙරට සෞඛ්‍ය පද්ධතිය සතුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (26) පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.

නව කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග සංඛ්‍යාලේඛන දෙස බලන විට මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව ඉහළ විශ්වාසයක් ජාත්‍යන්තර වශයෙන් පවතින බවත් ඇතැම් පිරිස් ඒ පිළිබඳ දුර්මත ගෙනගියද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඕනෑම තත්ත්වයකට මුහුණ දියහැකි ඉහළ ශක්තියක් පවතින බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සෑම දෙනාගේම ඉහළ කැපකිරීම ව්‍යසනය පාලනයට ලැබුණු ඉහළ ශක්තියක් බවත් නව ප්‍රභේදයේ හැසිරීම කෙසේ වෙතත් එන්නත් මගින් වෛරසයේ ව්‍යාප්තිය හා මරණ ප්‍රමාණය අඩු කරගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයවේදය රටතුළ ඉතා සාර්ථක වූ අතර අවශ්‍ය තරම් ඇඳන්, ඔක්සිජන් නොමැති බවට ඇතැමුන් චෝදනා එල්ල කළත් රටෙහි පුරවැසියන්ට කිසිදු අවස්ථාවක අඩුපාඩුවක් නොවන අයුරින් රටේ සෞඛ්‍ය සේවාව උපරිමයෙන් ක්‍රියාවට නංවීමට හැකි බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.