28.4 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපි විදුලි අර්බුදයට මුහුණ දිය යුතුයි

අපි විදුලි අර්බුදයට මුහුණ දිය යුතුයි

විදුලි අර්බූදය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව රජයට චෝදනා කළද එකදු බලාගාරයක් හෝ ඉදි කිරීමට කටයුතු නොකළ බවත් අප විදුලි අර්බුදයට මුහුණ දිය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

“දැන් විදුලි අර්බුදය ගැන කතා කරනවා. අපි ඒකට මුහුණ දිය යුතුයි. පසුගිය ආණ්ඩුව දැන් මේ රජයට චෝදනා කරත් එක බලාගාරයක් හදන්න කටයුතු කරේ නැහැ. වසර 07 කින් විතර අපේ බලාගාරයක් ඇති වෙලා නැහැ.

ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ 2030 දි පුනර්ජනනීය බලශක්තිය 70% ක් ඇති කරන්න.ඒක කරන්න බැරි කාරණයක් නෙවෙයි. ඒක පරිසර හිතකාමි අනිත් පැත්තෙන් අපේ රටේ විදේශ විනිමය ඉතුරු වන වැඩපිළිවෙළක්. ඉතින් ඒක කරන්න යද්දි යම් යම් කණ්ඩායම් විදුලිබල මණ්ඩලයේම ඉන්න කණ්ඩායම් ඒක කරන්න දෙන්නේ නැහැ. නැවතත් ගල්අඟුරු ඩීසල් බලාගාර ඇති කරන්න කියලා ඉල්ලීම් කරනවා. නමුත් මේ ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. එල් එන් ජි ගිවිසුම අත්සන් කරා. ඒකටත් විරෝදය පානවා. වෙනසක් කරන්න නම් ඒකට හැමෝගෙම සහය දිය යුතුයි.”