27 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsක්‍රිකට්වල නව පෙරළියක්

ක්‍රිකට්වල නව පෙරළියක්

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග මේ වනවිට ආරම්භ වී තිබේ.

ඊයේ පැවති පළමු තරගයෙන් එංගලන්ත යොවුන් කණ්ඩායම, දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය.

නොර්ත් සවුන්ඩ් හි පැවති එම තරගය කඩුලු 6කින් ජයගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 209ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්ත යොවුන් කණ්ඩායම පන්දු ඕවර 31.2කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 212ක් රැස්කළේය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අර්ධ අවසන් පූර්ව තරඟය අද (27) ඇන්ටිනා හි පැවැත්වෙයි. එය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.30ට ආරම්භ වේ

මෙම තරගාවලියේ අපරාජිත කණ්ඩායමක් වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය පහසුවෙන් නොසලකන බව පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන පැවසීය.