35 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආදීවාසි පෙත්සම විභාගයට

ආදීවාසි පෙත්සම විභාගයට

රඹකැන්ඔය, පොල්ලබැද්ද ප්‍රදේශයේ ආදිවාසීන්ට අයත් ගම් බිම් එළිපෙහෙළි කොට ඒවා බඩඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට මහවැලි අධිකාරිය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තො සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදුන්නේය.

එම පෙත්සම අද (27) සලකා බැලීමෙන් අනතුරුව එය විභාගයට ගැනීම සඳහා වගඋත්තර කරුවන් වෙත නොතීසි නිකුත් කරන ලෙස සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වන රක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්වයන් වෙත එම පෙත්සම සම්බන්ධයෙන් අප්‍රේල් මස 05 වනදා කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කිරීමට ද නියෝග කෙරුණි.

පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා සිටින්නේ, රඹකැන්ඔය ,පොල්ලබැද්ද ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම හෙළිපෙහෙළි කොට ඒවා බඩඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කටයුතු කරන බවය.

මේ තුළින් සිය නිජබිම්වලට හානි සිදුවන බවත් පාරිසරික වශයෙන් විශාල අගතියක් සිදු වන බවත් ආදිවාසී නායකයා පෙන්වා දෙයි.

එබැවින් අදාළ ඉඩම් පවරා ගැනීමට මහවැලි අධිකාරිය ගැන තිබෙන තීරණය බල කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.