“ජන පෙළගැස්ම” අම්බලන්ගොඩ නගරයේ ජන හමුව.ඇමතූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත
මේ රට පාලනය කරළා රටත් ජනතාවත් අගාදෙට ඇදලා දාපු ඔය පාර්ලිමේන්තුව ඇතුළෙ ලැගලා හිටපු ඔලු මාරු කරලා වරින්වර ආණ්ඩු හදපු දැන් ආණ්ඩුව ඇතුළේ ඉන්න උන්ගේ කට දෙපැත්තෙන් කෙල බේරෙනවා.
තමන්ට නොලැබිවිච්ච වරප්‍රසාද වලින් කෝන්තර හදා ගත්තු අය ආණ්ඩුවත් විවේචනය කරලා ඊළඟ පාර මාරුවෙන්න එළියට බහින්න ඉන්නවා. මෙතෙක් කල් රට පාලනය කරපු මෙතෙක් කල් ආර්ථික ප්‍රතිපත්තිය අරගෙන ආපු මෙතෙක් කල් මේ රට විනාශ කරන්න කටයුතු කරපු පාලනයට අඩු වැඩි වශයෙන් සම්බන්ධ වෙලා ඉන්න හැම එකාම රටේ ජනතාවගේ ප්‍රශ්න ඉස්සරහ කිඹුල් කඳුළු හල හල උත්තර කියන්න පටන් අරගෙන.
රටේ තිබුණු වටිනාම දේවල් කුණුකොල්ලයට විකුනපු හැම එකාම ජනතාව ඉස්සරහට ඇවිල්ල අපිට රට දෙන්න අපිට බලය දෙන්න අපේ අහවල් එකා ජනාධිපති කරන්න එතකොට රට හදන්න පුළුවන් කියලා කියන්න තරම් ධෛර්යය ඇති වෙලා.
රට කාපු උන්ට ජනතාව රවට්ටපු උන්ට අවුරුදු හැත්තෑ තුනක් තිස්සේ මෙරට විනාශයේ ගමනට ඇදලා දාපු සියලු දෙනාට එලෙස කියන්න ධෛර්යය නිර්මාණය වෙන්නෙ කොහොමද?
උන් හැම එකාම හිතෙනව සල්ලි මගින් මොනවා හරි සෙප්පඩ විජ්ජා ටිකක් කරල බොරු පොරොන්දු ටිකක් දීලා ප්‍රචාරණය දාලා කටවුට් එල්ලලා මූණත් තහඩු පෙන්නලා වෙනදා වගේ ජනතාව රවට්ටන්න පුළුවන් කියලා උන් කල්පනා කරගෙන ඉන්නවා.
අපි කොළඹ ඉඳලා ගාල්ලට යන ගමන් අම්බලන්ගොඩ නගර මධ්‍යයේ නතර වුනේ ඔබෙන් ප්‍රශ්නය අහල යන්න.
රෑ වැටුණු වලේ අමු අමුවේ මහ දවල් වැටෙන ජනතාවක් අපි. මේ රටේ ආණ්ඩු කරපු සහ කරන ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න හැම එකාම කිසිම බයක් දෙගිඩියාවක් නැතිව ජනතාවට කොකා පෙන්නන්නෙ.
උන් කොකා පෙන්නන පෙන්නන වාරයක් ගානේ රැවටෙන විලි ලැජ්ජාවක් නැති ජාතියක් බවට අපි පත් වෙලා. අම්බලන්ගොඩ ඔබෙන් අහල යන්න ආවෙ දැන් මදිද මෙහෙම රැවටුනා
ආණ්ඩු මාරු කරලා මුහුණු මාරු කරලා දැන් මේ පාර්ලිමේන්තුවේ ලැගලා ඉන්න උන් වෙනුවට ඒ ජාතියේ තව උන් ටිකක් ඔතනට ගෙනල්ලා රටේ ජනතාව වන අපි බකන්නිලාගෙන ඉඳලා අපේ ප්‍රශ්න විසඳන්න බෑ.
ජනතාව අහනවා තව අවුරුදු තුනක් බලාගෙන ඉන්න ඕනද ආණ්ඩුවක් මාරු කරන්න. මුන් අපිට ජීවත් වෙන්න දෙන්නෙ නෑ. අපිට එදා වේල හම්බ කරගෙන කන්න බෑ.
ඕක තමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා උගන්නලා තියෙන පට්ටපල් බොරුව. කාලෙකට සැරයක් මේ ඉන්න තක්කඩි අතරින් අපිව රවට්ටන්න පුළුවන් අපිව පාලනය කරන ගමන් හූරා කන්න පුළුවන් මොක්කුද කියලා තෝරන්න අපිට අවස්ථාවක් දෙනවා. මුන්ව පත් කරන්න විතරක් අවස්ථාව දෙනවා.
උන් පිස්සු කෙළිද් දී හොරකම් කරද්දී උන් ර ට විනාශ කරද්දී අපට අස් කරන්න බෑ
අස්කරන්න අපි ආයි ඡන්දයක් එනකම් බලාගෙන ඉන්න ඕනේ. පත් කරන්න විතරක් පුළුවන් උන් අපිට මේ උගන්වලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය කියන සෙප්පඩ විජ්ජා වෙනුවට පත් කරන්න පුළුවන් ජනතාව වෙච්ච අපිට නම් අපිට අස් කරන්නත් පුළුවන් සර්ව බලය අපි ගමු.