27.8 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුන්වන මාත්‍රාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අප්‍රසාදය

තුන්වන මාත්‍රාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අප්‍රසාදය

ලොව ප්‍රබල රටවල් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නතේ තුන්වන මාත්‍රාවක්, සිය ජනතාවට ලබා දීමට සූදානම් වීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අප්‍රසාදය පල කර තිබේ. 
 
තුන්වන එන්නත් මාත්‍රාවක අවශ්‍යතාව පිළිබඳ තවමත් විද්‍යාත්මකව ඔප්පුවී නොමැති බව එම සංවිධානය පෙන්වා දෙයි.  
 
ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ලොව රටවල් ගණනාවක වසංගත තත්ත්වය ඉහළ ගොස් තිබේ.  එසේම එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීඹට අපහසු වී ඇති රටවල වෛරස ව්‍යාප්තිය ඉහළ ගොස් ඇත. 
 
එන්නත්කරණය දුර්වලය පවතින රටවලට එන්නත් තොග පරිත්‍යාග කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය, ධනවත් රටවලින් මීට පෙර ඉල්ලා සිටියේය.