― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalශ්‍රී ලංකාව ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කර ගත් රටක් - රංජිත් සියඹලාපිටිය

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කර ගත් රටක් – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය ලබාදීමට ගත් තීරණයත් සමඟ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය විශ්වාසය තහවුරු කර ගත් රටක් බවට පත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම විශ්වාසය දිනා ගැනීම සඳහා සිදුකළ ජාත්‍යන්තර ආර්ථික මෙහෙයුම වෙනුවෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ යුතු බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් එකඟත්වයත් සමඟ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මඟින් තවත් ඩොලර් බිලියන 07ක පමණ මුදලක් ලබා දීමට සූදානමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් මෙම ණය පහසුකම මත ඔවුන් සමඟ ඇති කර ගත් එකඟතා රැක ගැනීම රජයේ වගකීම බවයි ඔහු පෙන්වා දෙන්නේ. දිළඳු ජනතාව ආරක්ෂා කර ගැනීම, බැංකු පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාම, මූල්‍ය විනය සහ බදු ප්‍රතිපත්තීන් ආරක්ෂා කිරීම එම එකඟතා අතර වෙයි.

ඒවා රටක් ලෙස ඉටු කළ යුතු වගකීම් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. ඉදිරි දින කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය කොටසේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 300කට අධික මුදලක් ලැබීමට නියමිත බවත් එම මුදල මහ බැංකුවේ ඩොලර් ගිණුම වෙත ලැබීමෙන් අනතුරුව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුම වෙත බැර වෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

එම මුදල් මඟින් අයවැය හිඟය පියවා ගැනීමට ද හැකිවීම විශේෂත්වයක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.