29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කෙරේ

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කෙරේ

විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසූ ආකාරයට, වසර 43කට පසු ත්‍රස්තවාදය වැලැක්විමේ පනත සංශෝධනය කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිව ඇත.

මෙරට රාජ්‍යත්‍රාන්ත්‍රික ප්‍රජාව සමග පැවැති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ,ජාත්‍යන්තර සම්මතයන්ට හා වඩාත් හොඳ භාවිතයන්ට අනුකූලව සකස් කිරීමේ අරමුණින් එම පනත සංශෝධන කිරිමට පියවර ගත් බව ය.

ඒ අනුව රැඳවුම් නියෝග, සීමා කිරිමේ නියෝග, නියෝග පිළිබඳ අධිකරණ සමාලෝචන කඩිනම් ලෙස පිළිගැන්වීම, දීර්ඝ කාලීනව රඳවා තබා ගැනීම වැළැක්වීම සදහා චෝදනා ලැබූවන්ගේ නඩු කඩිනමින් විසඳා අවසන් කිරිම යනාදීය යෝජිත පනත් කෙටුම්පත මගින් සංශෝධනය කර තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ මහේස්ත්‍රාත්වරුන් සහ අධිකරණ වෛද්‍ය නිළධාරින් ප්‍රවේශය පිළිබඳ විධිවිධාන හදුන්වාදීම, රැඳවුම් කාලය තුළ හිංසනයන් සහ වධහිංසා පැමිණවීම වැලැක්වීම සහ එදිනෙදා නඩු විභාග කිරීම යනාදී සුවිශේෂී සංශෝධන ඒ සඳහා ඇතුළත් කරඇති බව ය.