ඉදිරියේදී අඩු ආදායම්ලාභීන්ගේ ජීවන ගැටලු සඳහා දිය හැකි හැම සහනයක් ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලින්ද ඒ සඳහා මඟ පෙන්වා තිබෙන බවත් අර්බුදයෙන් ගොඩ ඒමට දැන් දොරටුවක් විවෘතවී තිබෙන අතර ඒ දොරටුව විවර වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොව මුළු මහත් මුළු මහත් ජාතියක් සඳහා බවත්ය.